Model Farm in sri lanka (need Investor)
MODEL FARM & HERBALS.
මොඩල් පාම් ඇන්ඩ් හර්බල්.
පහත සදහන් රජය බිම් කොටසක් වෙන් කර ගැනිම සදහා අවශ්‍ය කටයුතු සිදු කර ඇති යෝජිත ඉඩම් කොටස් පහත දක්වමු. - අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශිය ලේකම් කොට්‍ඨාශයට අයත් අංක 461 වෙරුංකුලම ග්‍රාම නිලධාරි වසමේ පිහිටි උතුරට හැලඹෑව වැවට යාබද රක්ෂිත ඉඩම්ද, දකුණට නියංගම ගම්වාසින්ගේ ඉඩම ද, නැගෙනහිරට නියංගම/ගල්නෑව දක්වා මාර්ගය ද, බස්නාහිරට මුස්නෑව වැව ඉස්මත්තට මායිම් වන පරිදි අක්කර 25ක පමණ භූමිය යෝජිත ව්‍යාපෘතිය සඳහා යොදාගනු ලබයි.
නියංගම ගල්නෑව මාර්ගය ඔස්සේ කිලෝමිටර් 02 ක් පමණ දුර ගෙවු පසු හමුවන යෝජිත භූමිය ලඳු කැලෑ පවතින ප්‍රදේශයකි. නෑගම හා නියංගම කුඹුරු අක්කර 150 ක් පමණ හා විශාල ජනාවාස ප්‍රදේශයක් අරක්ෂා වන අතර යෝජිත ව්‍යාපෘතිය මගින් ආරක්ෂාව සැලසෙන පරිදි ගොවිපල විදුලි ලාම්පු යෙදිම, ආරක්ෂක කැමරා පද්ධතිය සවිකිරිම, මුරකරු දිවා රාත්‍රි කාලයේ රුඳවීම මගින් ප්‍රදේශයට වන ජීවින්ගෙන් ඇති වන තර්ජන වලින් ආරක්ෂාව සහතික විමද සිදුවනු ඇත.
- අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශිය ලේකම් කොට්‍ඨාශයට අයත් අංක 462 නෑගම ග්‍රාම නිලධාරි වසමේ පිහිටිඋතුරට උඩනෑගම හා නෑගම ගම්වාසින්ගේ පෞද්ගලික කුඹුරු හා ඉඩම් ද, දකුණට මඩකලපුව-මහව දුම්රිය මාර්ගය ද, නැගෙනහිරට උඩනෑගම වැව ඉස්මත්ත ද, බස්නාහිරට හබකුඩාවැව/කඳුලුගම දක්වා මුකලාන පාරට මායිම් වන පරිදි අක්කර 25ක පමණ භූමිය යෝජිත ව්‍යාපෘතිය සදහා යොදාගනු ලබයි.
නෑගම මුස්ලිම් විදුහල ඉදිරිපිට මුකලාන මාර්ගය ඔස්සේ කිලෝමිටර් 02 ක් පමණ දුර ගෙවු පසු හමුවන යෝජිත භූමිය ලඳු කැලෑ පවතින ප්‍රදේශයකි. දැනට ඉදිකර ඇති වන ජීවි අලි වැට මගින් නෑගම හා උඩ නෑගම කුඹුරු අක්කර 100 ක් පමණ හා විශාල ජනාවාස ප්‍රදේශයක් අරක්ෂා වන අතර විදුලිය අක්‍රිය වු විටක සිදු විය හැකි අනාරක්ෂිත තත්වයන්ටද යෝජිත ව්‍යාපෘතිය මගින් ආරක්ෂාව සැලසෙන පරිදි ගොවිපල විදුලි ලාම්පු යෙදිම, මුරකරු දිවා රාත්‍රි කාලයේ රුඳවීම මගින් ප්‍රදේශයට අලින්ගෙන් ඇති වන තර්ජන වලින් ආරක්ෂාව සහතික විමද සිදුවන ඇත.
දේශිය කිරි අවශ්‍යතාවය සදහා ශක්තියක් වෙමින් කිරි ගව පාලනය, එළු පාලනය, බිත්තර කිකිළි පාලනය, දේශිය ආයුර්වේද ඖෂධිය වගාව, පාරම්පරික වී වගාව, කාබනික වගාව, කොම්පොස්ට් නිෂ්පාදනය,ජීව වායු නිෂ්පාදනය, වන වගාව ඇතුළු පරිසර හිතකාමි ව්‍යාපෘති ගණනාවක් අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
කලාවැව අවුකන හා රැස්වෙහෙර ගමන් මාර්ගය යාබදව පිහිටි ව්‍යාපෘති භූමිය පාරිසරික තුලිත තාවයෙන් යුතුව ආකර්ෂනිය හා අලංකාර ලෙස පවත්වාගෙන යාම හේතුවෙන් දේශිය හා විදේශිය සංචාරක කර්මාන්තය සදහා යහපත් උත්තේජයක් ලෙස යොදා ගැනීමටත් කහලු කන්ද හා යාබද ප්‍රදේශයන්හි සංචාරක අවස්ථා නිර්මාණයටද සැලසුම් කර ඇත්තෙමු. පරිසරවේදින් විශ්ව විද්‍යාල පරීක්ෂණ, අධ්‍යාපන චාරිකා වැනි අංශයන් වෙත අවස්ථාව ලබා දෙමින් ශ්‍රී ලංකීය දේශයේ අනාගත සැලසුම් සදහා උපරිම ශක්තිය යෙදවීමට අපේක්ෂා කරමු.
ජන ජිවිතයේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය සහතික වන දේශිය කෘෂි නිෂ්පාදන හා සත්ව නිෂ්පාදන ඇති කර බොහෝ රෝග පාලනයට සහාය වීම මෙන්ම ප්‍රදේශයේ රැකියා වියුක්තිය සදහා තරමක හෝ පිලියම් යෙදවීම හා විවිධ වන වගා හා සත්ව පාලනය සදහා ප්‍රදේශයේ ආයෝජකයින් සදහා ඉඩ ප්‍රස්ථා විවර කර දීමට සැලසුම් කරන්නෙමු.
අරමුණ
- සමාගම දිනෙන් දින ශක්තිමත්වෙම්න් දේශීය ආර්ථික සංවර්ධන ඉලක්ක ජයගැනිම සඳහා උපරිම දායකත්වය ලබාදීම.
- සෘජු හා වක්‍ර රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ඇතිකර ප්‍රදේශයේ විරැකියා ගැටළුව සඳහා සාධනීය විසඳුම් ලබාදීම.
- සමාජයේ ප්‍රබල සෞඛ්‍යය ව්‍යසනයක් වීඇති වකුගඩු රෝගය, පිලිකා රෝගය, දියවැඩියාව හා කොලොස්ටරෝල් වැනි රෝග තත්වයන් පාලනය කල හැකි දේශීය හා පාරම්පරික වී වර්ග හා අලවර්ග හා පළතුරු වර්ග වගා කිරීම.
- ආයුර්වේද ඖෂධ නිශ්පාදනය සඳහා වන බොහොමයක් ඖෂධ වර්ග වගාකිරීම හා දේශිය හා විදේශීය සංචාරකයින් වෙනුවෙන් වියලි ඖෂධීය පානයන් සඳහා ඇසුරුම් සකස්කිරීම මෙන්ම ආකර්ෂණිය අලෙවිසැල් මගින් ක්ෂණික ආයුර්වේද හා ඖෂධිය පානයන් අලෙවිකිරිම.
- සමාගමේ විදුලි අවශ්‍යතාවයන් මූලික අදියරේදී මෙන්ම හැකි උපරිමයෙන් සූර්යතාප කෝෂ මගින් යොදා ගනිමින් බලශක්තිය ඉතිරියට දායකවනු ඇත.
- අනවශ්‍ය ජල විනාශයන් නොවන අයුරින්ජල කලමණාකරනය කිරීම, බිංදු ජල ක්‍රමය,ක්‍රියාත්මක කිරීම සත්ව අපද්‍රවය ආරක්ෂිත දුර්ගන්ධය වහනය නොවන ටැංකි මගින් ජීව වායු නිෂ්පාදනයට යෙදා ගැනීම හා එම බලශක්තින් ගොවිපල කටයුතු සඳහා යොදාගැනිම.
- සමාජ සත්කාරක සේවාවන් ලෙස අවට පාසැල් සඳහා මසකට එක් පාසැලක් බැගින් තෝරා ගෙන කිරි වීදුරුවක් ලබා දිම, මාතෘ සායන සදහා පෝෂණීය සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ලබා දිම, පාසල් සිසුන් අතර චිත්‍ර තරඟාවලි සංවිධානය කිරීම හා සුළු පරිමාණයේ පසු සම්පත් ගොවීන් සඳහා සහන සලසාදීම.
- ප්‍රදේශයේ ගොවිපලහියන් වෙත කිරි ගව හා එළුවන් දෙමුහුන් කර ගැනිම සදහා උසස් තත්වයේ පිරිමි සතුන් සෞඛ්‍යාරක්ෂාව යටතේ නොමිලයේ සපයා දිමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරිම.
- පරිසරවේදින් පරිසර සංවිධාන, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය, කෘෂිකර්ම උපදේශක හා පසු වෛද්‍ය නිළධාරි සේවාවන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන පරිසර හිතකාමි ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙනයාම.
පරමාර්ථයන්
- ශ්‍රී ලාංකීය අනාගත සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම සඳහා දේශීය කෘෂිකර්මාන්තය හා කර්මාන්ත සංවර්ධනය කිරීමේ වැඩසටහන් මගින් රජයට උපරිම වශයෙන් දායක වෙමින් දළ දේශීය නිෂ්පාදනයට ශක්තියක් වීම.
- ආර්ථික අපහසුතා නිසාවෙන් දරිද්‍රතාවයෙන් යුතු පවුල් සඳහා රැකියා අවස්ථා බිහි කර දිම, සුළු ව්‍යවසායකයින්, කුඩා පරිමාණ සත්ව ගොවිපල හිමියන් සඳහා සෘජු හා වක්‍ර ආදායම් ස්ථාපනය කර දෙමින් උදාර මෙහයක් සිදු කිරීම.
- දේශීය හා විදේශීය සංචාරක (සිසුන්ට) ආකර්ශනීය පරිසරයක් නිර්මාණය කිරීම මගින් සංචාරක කර්මාන්තයට උත්තේජනයක් සැපයීම මෙන්ම සුළු පරිමාණ ආයෝජකයින් සඳහා ද ආයෝජන අවස්ථා ලබාදී වෙළඳපල ප්‍රවර්ධනයට දායකවීම.
- සෞඛ්‍ය ආරක්ෂිත ජන සමාජයක් සදහා උපරිම ශක්තිය ලබාදීම, පාසැල් සිසුන්, ගැබිනි මව්වරුන්, සුළු පරිමාණ ගොවීන් සඳහා සහන සැලසීම මෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මානසික සුවය සඳහා නිරීක්ෂණ අවස්ථා ලබාදීම වැනි සමාජ සත්කාරයන් සිදු කිරීම.
- පරිසරවේදින්, විශ්වවිද්‍යාල පරික්ෂණ වැනි සුවිශේෂී අවස්ථා සඳහා ඉඩ ලබා දෙමින් අනාගත ශ්‍රි ලංකාවට අවශ්‍ය නිර්දේශ ලබාගැනීම සහ අත්‍යවශ්‍ය අනාගත සැලසුම් සඳහා අවස්ථාව ලබාදීම.
- ආර්ථික, සමාජීය, සංකෘතික කේෂත්‍රයන් සංවර්ධනය කිරීම මෙන්ම අනාගත සංවර්ධන ඉලක්ක සඳහා පරිසරතුලිතතාවය, සෞඛ්‍ය ආරක්ෂාව සදහා වත්මන් හා අනාගත අවශ්‍යතාවයන් අවබෝධ කර ගත් ශ්‍රි ලාංකීය සමාගමක් ලෙස කළ හැකි උපරිම මෙහය ඉටු කිරීම සමස්ථ පරමාර්ථය වන්නේය.
පශු සම්පත් අංශය සඳහා සැලසුම් හා ක්‍රියාකාරකම්.
- මේ වන විටත් අපෙන්ගවයින් ප්‍රදේශයේ ගොවින් වෙත ලබා දි ඇති ගවයින් ඒක රාශි කර එකම ගොවිපලක් තුල පෝෂණය කිරිම සදහා පෝෂණය කිරිම සදහා සැලසුම් කිරිම.
- පංගු ක්‍රමයට පාලනය කරන ඇතැම් ගොවින් නිසි නඩත්තුව සෞඛ්‍ය හා පෝෂණය සිදු නොකිරිම නිසා ඇතිවන ආර්ථික අවාශි අඩු කර ගැනිම.
- ඇතැම් ගොවින් නවින තාක්ෂණික අබිජනන ක්‍රම උපයෝගිකර නොගැනිම නිසා ගුණාත්මයෙන් අඩු සතුන් බිහිවිම හා කිරි නිෂ්පාදනය අඩුවීම වැනි තත්වයන් මග හරවා ගනිමින් උසස් තත්වයේ සතුන් ලබා ගැනිම හා දේශිය වෙලදපල සදහා කිරි ගවයන් අලෙවී කිරිම.
- දැනට පවත්වාගෙන යන ක්‍රමය තුල කිරි නිෂ්පාදනයපසු විපරම් අපහසුතා අවම කර ගැනිම හා වගා බිම් හානි කිරිම සතුන්ට සිදුවන හානි සදහා දැරිමට සිදුවන අධික වියදම් යොජිත ව්‍යාපෘතිය මගින් අවම කර ගැනිම.
- සමාගම ආශ්‍රිත ප්‍රදේශයන්හි කිරි ගොවින්ගේ දියර කිරි එම අය සමිපයට ගොස් දෛනිකව ඉහල මිලක් ගෙවා ලබාගෙන අප සමාගමේ දියර කිරි සමඟ තොග වශයෙන් ගිවිසුම්ගත සමාගම් වෙත පලමු අදියරේ දි අලෙවි කිරිම.
- වනවගා, සත්ව පාලන හා අනෙකුත් අංශ සඳහා කැමත්තක් දක්වන ඕනෑම අයෙකු සඳහා ආයෝජන අවස්ථා ලබාදීමට කටයුතු කිරිම.
- සත්ව හිංසණය යටතේ පොලීසිය, අධිකරණය, හා සංවිධාන මගින් නිදහස් කරනු ලබන සතුන් රැකවරණය හා පෝෂනය කිරීම.
- ගොවිපලතුල පාලනය කරනු ලබන සියළුම සතුන් ජීව කාලය අවසන් වන තෙක්ම ගොවිපලතුල පෝෂනය කිරීම හා මස් පිණිස අලෙවි නොකිරීම.
- බොහෝ රෝග සඳහා යොදාගන්නා එළුකිරි ගුණාත්මක බවෙන් යුක්ත නිෂ්පාදනයක් ලෙස ප්‍රචලිත කිරීම.
- කෘතිම ආහාරවලින් තොර ස්වභාවික ආහාර මගින් පෝෂණය කරන ගම් බිත්තර කුකුලු පාලනය මගින් වෙලඳපොලට බිත්තර සැපයීම.
- ගොවිපලෙහි සියළුම සත්ව හා ශාක අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරනය කර කොම්පෝස්ට් නිෂ්පාදනයකර කාබනික බෝග වගාවන් සිදුකිරීම සඳහා යොදා ගැනිම.
- ජෛව විද්‍යාත්මක හා විද්‍යානුකූල ක්‍රම සම්මිශ්‍රණයෙන් වගා කටයුතු හා පශුසම්පත් පාලනය සිදුකර පරිසර තුලිතතාවය උපරිමයෙන් ආරක්ෂා කිරීම හා අලංකාර ආකර්ශණිය පරිසරයක් නිර්මාණය කිරීම.
-
පරිසර තුලිතතාවය ආරක්ෂාවන පරිදි විසිතුරුමසුන්, මිරිදිය මසුන්, පොකුනු ඇතිකිරීම මෙන්ම ආවේනික හා විසිතුරු කුරුල්ලන් ඇති කිරිමේ කටයුතු සමාගම පුළුල්විමත් සමඟ ආරම්භ කිරිමට නියමිතයි.
කෘෂි අංශය සඳහා සැලසුම් හා ක්‍රියාකාරකම්.
- පාරම්පරික දේශිය වෙදකම සදහා පරිසරයේ බොහෝ ඖෂධ ප්‍රයෝජනයට ගන්නා ලද අතර එම වෙදමහතුන් මිය යාම නිසා ඖෂද හදුනා ගැනිමට නොහැකිවිම මෙන්ම අනාගත සමාජයට දැක ගත නොහැකි විමේ ප්‍රබල ගැටලු විසදා ගැනි සදහා ඖෂධ උද්‍යානයක් පවත්වා යාම.
- දේශිය වී ප්‍රබෙද කාබනික එලවළු වගාව කුලු බඩු බෝග වගා කර ඉහල ගුණාත්මයේ නිෂ්පාදනයන් සිදු කිරිම.
- කාබනික බෝගවගා පරිසරය තුල ස්වාභාවික සතුන් වර්ධනය වීම, අලංකාර සමනල විශේෂ වර්ධනය වීම, හා මී මැසි පාලන ව්‍යාපෘතිය සදහා සුදුසු පරිසර තත්වයන් උපරිමයෙන් ආරක්ෂා කර ගැනිම.
- වෙළඳපල ආක්‍රමනය කර ඇති විදේශීය පළතුරු නිසා සිදුවන සෞඛ්‍ය අනාරක්ෂිත තත්වය අවම කර ගැනීම සඳහා දේශීය පළතුරු වගාව ව්‍යාප්ත කිරීම.
- සංවර්ධනය හේතුවෙන් සීඝ්‍රයෙන් වන සම්පත විනාශවීම නිසා සිදුවන පාරිසරික හානි වලක්වා ගැනීම සඳහා වනවගා ව්‍යාපෘතිය ආරම්හකර භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම.
- අදියර කිහිපයකදි දේශීය බීජ නිෂ්පාදනය බීජ අලෙවිකරණය මෙන්ම ප්‍රදේශයේ ධාන්‍ය මිළදී ගැනීමේ ගබඩා පහසුකම් සහිත තත්වය ඇතිකිරීම.
- විදේශිය සිසුන් සදහා අධ්‍යාපනික පහසුකම් ලබා දීමට අවශ්‍යය පරිසරය නිර්මාණය කිරිම.
- අවුකන, කලාවැව, රැස්වෙහෙර, ගල්නෑව ආශ්‍රිත ගමන් මාර්ගයේ පිහිටි ගොවිපල කේන්ද්‍රකොට ගෙන සංචාරක සපාරි සේවාවක් මගින් කහලු කන්ඳ වැනි ස්ථාන සංචාරක කර්මාන්තයට අනාගතයේදී එකතු කිරීමට සැලසුම් කිරීම.
නිෂ්පාදන හා අලෙවි අංශය.
- ක්‍රමයෙන් මීළඟ අදියර වලදී දියර කිරි භාවිතා කර කල්කිරි,යෝගට්,කිරිටොපි, වැනි අතුරු නිෂ්පාදන සිදුකර අනතුරුව දැනට දේශීය වෙළඳපොලේ නොමැති ගැස්ට්‍රයිටීස් රෝගය පාලනය සඳහා කිරි ජූස් (ඩයිජස්ට් ලෙබන්)ප්ලාස්ටික් ඇසුරුම් කල කිරි ආදී නව නිෂ්පාදනයන් ඇතිකිරීම හා අලෙවි කරන ජාලයක් ඇති කිරීම.
- ඖෂධිය බෝග හා එලවලු වගා කර අලෙවි කිරිමේ මධ්‍යස්ථානයන්අවට නගරවල ආරම්භ කර එම කෘෂි රාසායනික ද්‍රවය මගින් නිෂ්පාදනයන් අලෙවි කිරිම.
- ස්වභාවික මි පැණි හා මී මැසි ජනපද අලෙවිය මෙන්ම මී මැසි පෙට්ටි නිෂ්පාදන කටයුතු සිදු කිරිම.
- ගොවිපල හි සියළුම සත්ව හා ශාක අපද්‍රව්‍ය එකරාසි කරනය කර කාබනික පොහොර (කොම්පොස්ට්) නිෂ්පාදනය කිරිම අතිරික්ත ප්‍රමාණයන් අලෙවි කිරිම.
- ඔසු පැල අලෙවි කිරිමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරිම.
- ගොවිපල තුල ජිව වායු නිෂ්පාදනය කර බල ශක්ති අවශ්‍යතාව සදහා යොදා ගැනිම.
ගොවිපල අවට ප්‍රදේශවාසින් සදහා පිරිපහදු කරන ලද පාණිය ජලය වෙළඳපලේ මිළට සාපේක්ෂව ඉතා පහල අගයකින් (පිරි වැය පමණක් ලබා ගැනිම) සැපයිම සදහා කටයුතු කිරිම.
- වනාන්තර ආශ්‍රිත සිදු කරන සංචාරක කර්මාන්තයට සාපෙක්ෂව ආකර්ශනිය පාරිසරික ගොවිපල හා යාබද ආගමික මධ්‍යස්ථාන, ස්වභාවික ජල උල්පත්, ස්වභාවික කදු පද්ධතිය කේන්ද්‍රව සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරිමේ වැඩ සටහන් ඇරඹිමට කටයුතු කිරිම.
යෝජිත ව්‍යාපෘතිය / ආදර්ශ ගොවිපල දල සැලස්ම.
1
|
මුර කුටිය
|
10
|
ලිඳ
|
2
|
ගබඩා කාමර හා කිරි උපකරණ සුරක්ෂිත කාමර
|
11
|
එළු ගාල.
|
3
|
කිරි සුරක්ෂිත කාමරය
|
12
|
ඖෂධ පැල තවාන.
|
4
|
එල ගව ගාල්
|
13
|
මී මැසි පාලනය.
|
5
|
මි ගව ගාල්
|
14
|
වන වගාව ව්‍යාපෘතිය
|
6
|
ගම් කුකුලන්
|
15
|
අතිරේක බෝග වගා
|
7
|
ජිව වායු නිෂ්පාදන පද්ධතිය
|
16
|
තෘණ වගා
|
8
|
මිරිදිය මසුන්
|
17
|
එළු ආහාර පාලන කොටුව
|
9
|
විදුලි හා ඉන්ධන වතුර පොම්පාගාරය
|
18
|
දේශිය වී වගාව
|
යෝජිත ව්‍යාපෘති ඉඩමේ සිතියම -1.
යෝජිත ව්‍යාපෘති ඉඩමේ සිතියම -2.
දැනට ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති තොරතුරු
පංගු ක්‍රමයට පාලනය කිරිම සදහා ගොවින් වෙත ලබා දී ඇති කිරි ගවයන් හා කිරි එක රාසි කරනය.
භූමිය ඉඩ කඩ ප්‍රමාණවත් නොවිම නිසා තාවකාලිකව නවතා දමන ලද ගොවිපල සදහා සැලසුම් සහගත ලෙස භාවිතා කරන ලද උපකරන හා ගොවිපල සැලස්ම.
| තෘණ කැබලි කිරිමේ යන්ත්‍රය |
| මත්ශ්‍ය පොකුණු |
| කාබනික පොහොර නිස්පාදන කුටිය |
| ගොවිපලතුල නිදැල්ලේ ගවයන් |
| පැටවුන් රැඳවුම්හල |
| ගව රැඳවුම් ගාල් |
කාබනික පොහොර ඇඹරුම් යන්ත්‍රය
ගබඩා කාමරය වගා ලිං හා තෘණ වගාව
Comments
Post a Comment